― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශිෂ්‍ය ණය පොළිය භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

ශිෂ්‍ය ණය පොළිය භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

උසස් අධ්‍යාපනය සඳහා බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව, ප්‍රමාණාත්මකව ඉහළ නැංවීමේ අරමුණෙන් උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් රජයේ පිළිගත් උපාධියක් මෙරට දී හැදෑරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය 2022.08.31 දින ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රකාරව මෙම වසරේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා සඳහා තේරී පත් වූ සිසුන්සංඛ්‍යාව 684ක්.

එම සිසුන් සඳහා අධ්‍යයන කාලය හා සහන කාලය වන වසර 04 හෝ 05ක කාලයට අදාළ සම්පූර්ණ පොලී මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

එම කාලයට පසුව එළඹෙන ඉදිරි වර්ෂ 07ක හෝ 08ක කාලය තුළ පාවෙන පොලී අනුපාතයන් යටතේ සම්පූර්ණ පොළී මුදලත් ණය මුදලත් සිසුන්ට පියවීමට හැකි වන පරිදි මෙම ණය පහසුකම් සපයනු ලබනවා.

එමෙන් ම පාඨමාලා ගාස්තුව වන රුපියල් ලක්ෂ අටක මුදල තමන් විසින් ම අර්ධ වාර්ෂික පදනමින් ගෙවා මෙම ණය යෝජනා ක්‍රමයට ම ඇතුළත් ව අධ්‍යයන කටයුතු සිදු කිරීමේ කැමැත්ත පළ කර ඇති සිසුන්ට එම අවස්ථාව ලබාදීමටත් රජය තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

උසස් පෙළ සමත් සිසුන් දෙලක්ෂයකින් පමණ සරසවි වරම් හිමි වන හතලිස් දහස හැරුණු කොට ඉතිරි වන සිසුන් කණ්ඩායමට ඔවුන් ලබා ඇති උසස් පෙළ ප්‍රතිඵල කුසලතා මත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත මෙරට දී ම රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට ඉඩ ප්‍රස්ථා විවර කරමින් සහ ඒ වෙනුවෙන් දෙමාපියන්ට වැය වන අධික පිරිවැය අවම කරමින් රජය විසින් ආරම්භ කර ඇති ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙම පහසුකම් සැපයෙනවා.