― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අති විශේෂ තීන්දුවක්

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අති විශේෂ තීන්දුවක්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි වගන්තියේ අඩංගු ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.

ඒවා සම්මත කර ගැනීම සඳහා සරල බහුතරයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය බව මහාධිකරණය තීන්දුවෙන් දන්වා ඇති බව කථානායකවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව රැසක් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනේක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත් අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ විනිසුරු මඩුල්ල අගෝස්තු 23 වැනිදා නිවේදනය කළේය. එහි සොයාගැනීම් කථානායකවරයාට ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.