27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalIMF එකඟතා පාර්ලිමේන්තුවට හෙළි කරන්නැයි සජිත් ඉල්ලයි

IMF එකඟතා පාර්ලිමේන්තුවට හෙළි කරන්නැයි සජිත් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (06) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.

කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වූණු මාණ්ඩලික එකඟතා ගිවිසුම සභාගත කරන්න. එවිට එම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අපටත් රටටත් යම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. ඒ වගේම අපට හැකියාව ලැබෙනවා එය පරිශීලනය කරලා රටට වඩාත් ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග කවරේද පිළිබඳ අපේ මතයත් ඉදිරිපත් කරන්න.