26.3 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදාව බාරයට

ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදාව බාරයට

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානයට අයත් සිව්වන වේග ප්‍රහාරක බලඝණයයේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මුලතිව්වලට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ඊයේ නිරීක්ෂණ මෙහෙයුම් සිදු කරන ලදී.

ඒ සමගම නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් වටලා ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය සමුද්‍රීය පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව පවසයි.