― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවා - මහින්ද අමරවීර

ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවා – මහින්ද අමරවීර

ග්ලයිෆොසේට් වල්නාශක තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තිරසාර බව සමග ආහාර අර්බුදය ජයගැනීම සඳහා ඉදිරි මාවත හා යෝජනා යන මැයෙන් ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයින්ගේ සංසදය සමග පැවැති සාකච්ඡාවකදීය.

ග්ලයිෆොසේට් යනු බහුවාර්ෂික භෝග සදහා අත්‍යවශ්‍යම සාමාන්‍ය වල් නාශකයක් බවත් විශේෂයෙන් බඩඉරිඟු වගාව පුළුල් වශයෙන් වගා කිරීමට සූදානම් වන අවස්ථාවක ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කරමින් බඩඉරිඟු වගාව සාර්ථක කර ගත නොහැකි බවත් ආචාර්ය අජන්ත ද සිල්වා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ග්ලයිෆොසේට් තහනම කඩිනමින් ඉවත් කිරීම කළ යුතු බව පැවසූ හෙතෙමෙ කියා සිටියේ ග්ලයිෆොසේට් තහනම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරන්නේ නම් ඒවා ආනයනය කිරීම සඳහා තමන් සූදානම් බවයි.

වී, බඩ ඉරිඟු ඇතුළු ආහාර බෝග වගාවන්වල අස්වැන්න අවම වීම කෙරෙහි බලපා තිබෙන ප්‍රබල වල් මර්දන නාශයකයක් වන ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යායුතු නැති බවත් මෙම මහ කන්නයේදී නැවතත් ග්ලයිෆොසේට් ආනයනයට ඉඩ සළසමින් එම තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර එහිදී කියා සියියේය.