28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපමා වූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමට අනුමැතිය

පමා වූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමට අනුමැතිය

මෙතෙක් පමාවී තිබූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම ස‍ඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මේ අනුව 2021 වර්ෂයට අදාළව මේ වනවිට ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසානයට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දීමටද, 2022 වර්ෂය සඳහා ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික මුදල් ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් ප්‍රමාණය මාස 6ක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම සඳහාද අනුමැතිය ලබා දී ඇත.