― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (07) අවසන් වෙයි.

දෙවන පාසල් වාරය ලබන 13 වනදා ආරම්භ වන බවත් ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය සඳහා ලබන අඟහරුවාදා යළි විවෘත කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම වසරේ පළමු පාසල් වාරය කොටස් දෙකකට වෙන් කෙරුණු අතර එහි පළමු අදියර මැයි 20 වනදා අවසන් කෙරිණ. 2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමෙන් අනතුරුව ජූනි 6 වැනිදා සිට දෙවන අදියර ක්‍රියාත්මක කළේය.