26.7 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය නැති කරන්න සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

මත්ද්‍රව්‍ය නැති කරන්න සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමේ පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ පිළිබඳව ඉදිරියේදී චක්‍රලේඛයක් නිකුත් කරන බවත් හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමේදී ඇල්ලූ අවස්ථා තිබූ බවත් ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ දෙමාපියන් සහ පාසල් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.