― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාව ඉන්නේ ණය බර දරාගත නොහැකි තත්ත්වයක

ශ්‍රී ලංකාව ඉන්නේ ණය බර දරාගත නොහැකි තත්ත්වයක

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බවත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට ණය බර දරාගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.

නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින් ඇය මේ බව පැවසුවාය. කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව මේ වනවිට උද්ධමනයෙන් පීඩා විඳිමින් සිටින බවත් මෙම අවස්ථාවේ සියලු මනුෂ්‍ය වර්ගයාට එකට එකතුවීම සඳහා ආරාධනා කිරීමට පසුබට නොවිය යුතු බවත් ජෝර්ජිවා මහත්මිය මෙම සමුළුවේදී පවසා තිබේ.

දිළිඳු රටවල් 60%ක් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයේ පසුවන බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව ත් බලවත් බැංකු පද්ධතියක හා ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාව ද ඇය එහිදී පෙන්වා දී ඇත.

එහිදී වැදිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මේසේද පැවසුවාය.

මේ අවිනිශ්චිත ත්ත්තවය සෑම කෙනෙකුටම පීඩාවක් ඇති කර තිබෙනවා. කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව දැන් උද්ධමනයෙන් දුක් විඳිනවා. බලවත් බැංකු පද්ධතියක් හා ස්ථාවර ආර්ථිකයක් අත්‍යාවශ්‍යයි. පවතින ආර්ථික අවපාතයත් සමග බැංකු ඔරොත්තු දෙන මට්ටමේ පහසුකම් සැකසීම ගැන අවධානය යොමුකර තිබෙනවා.අපිට අවශ්‍ය වන්නේ ඔරොත්තු දෙන ආර්ථිකයක් විතරක් නෙමෙයි ඔරොත්තු දෙන සමාජයක්.ඔරොත්තු දෙන ජනතාවක් අවශ්‍යයි.සාධාරණත්වය හා රැකියා උත්පාදනය ගැන සිතිය යුතුයි.කොටින්ම අපිට අවශ්‍ය වන්නේ ඔරොත්තු දෙන ලෝකයක්