28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිංහ පැටවුන්ට සද්දේ දාගෙන ආපු ඉන්දියාව දණ ගැස්වූ හැටි

සිංහ පැටවුන්ට සද්දේ දාගෙන ආපු ඉන්දියාව දණ ගැස්වූ හැටි

ආසියානු කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීර්ණාත්මක තරගය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා

පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 11 ක්ව තිබියදී බිඳ වැටුණා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් සිය ලකුණු හැත්තෑ 72 සඳහා පන්දු 41කට මුහුණ දුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4 ක් අන්තර්ගත වුණා.මේ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8 කට ලකුනු 173 ක් ලබා ගත්තා.ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහණය සදහා 174 ලබාගත යුතු වුණා.

ඒ අනුව සිය පන්දුවාර 19.5 අවසානයේ කඩුලු 4ක් දැවී සිය ඉලක්කය සපුරා ගැනිමට සමත් වුයේ ආසියානු කුසලාන තරගාවලියෙන් ඉන්දීය කණ්ඩායම ඉවත් කරමින්.