33.9 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅනුමැතිය ලැබුණු පසු IMF ගිවිසුම නිකුත් කරනවා

අනුමැතිය ලැබුණු පසු IMF ගිවිසුම නිකුත් කරනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ඔවුන් සමඟ කාර් ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ප්‍රකාශයට පත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

මාණ්ඩලික මට්ටමේ ගිවිසුම මත ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ඉදිරි සති කිහිපය තුළ ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

කාර් ය මණ්ඩල ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් අනුමත කිරීමෙන් පසු ගිවිසුම ලබා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.