― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්ධන ගැටලුව විසඳෙන ලකුණු

ඉන්ධන ගැටලුව විසඳෙන ලකුණු

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සිදුවන බව එම පිරිපහදුවේ නිලධාරියෙකු පැවසීය.

මේ වන විට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1200ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1000ක් බැගින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කරන අතර දිනකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 500ක්ද පිරිපහදුවෙන් නිකුත් කරනු ලැබේ.

ඉන්ධන ගැටලුව අවසන් කිරීමේ අරමුණින් පිරිපහදුවේ නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන බවත් මින් පෙර පැවති ආකාරයටම පිරිපහදුව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.