26.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල් අඟුරු මිලදී ගැනීම ගැන පරීක්ෂණ අරඹයි

ගල් අඟුරු මිලදී ගැනීම ගැන පරීක්ෂණ අරඹයි

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට වාර් තා වන තොරතුරු සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර කළ ඉල්ලීමට එම සභාවේ සභාපති ආචාර් ය හර් ෂ ද සිල්වාගේ එකඟතාව හිමිව තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තමන් කථානායකවරයා හා විගනකාධිපති සමඟ සාකච්ඡා කළ බවත් මේ පිළිබඳව ඉක්මන් වහාම පරීක්ෂණයක් කරන බවත් ඔහු පැවැසීය.

එසේම අද දිනයේදී තමන් විගණකාධිපති හා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී අදාළ ක්‍රියාවලිය පිළිබඳව වහාම විගණනයක් කරන ලෙස උපදෙස් දෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.