― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජෙයරාජ් ඝාතනය පිටුපස ඉන්නේ රාජපක්ෂවරු - කීර් ති රත්නායක

ජෙයරාජ් ඝාතනය පිටුපස ඉන්නේ රාජපක්ෂවරු – කීර් ති රත්නායක

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කළේ කොටි සංවිධානය නොවන බවත් එය ජෙයරාජ් ගම්පහ දේශපාලනය කිරීම තමන්ට තර් ජනයක් වේ යැයි සිතා බැසිල් රාජපක්ෂ විසින් සිදු කළ බවත් හිටපු ගුවන් හමුදා නිලධාරියකු සහ මාධ්‍යවේදියෙකු වන කීර් ති රත්නායක පැවසීය.

හෙතෙම මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති යූටියුබ් නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂට ගම්පහ සංවිධායක ධූරය ලබා දීමට ජෙයරාජ් එරෙහි වූ බවත් ජෙයරාජ් කතෝලික ආගමද අතහැර බෞද්ධාගම වැළඳ ගෙන අගමැතිකමට ඉව අල්ලමින් සිටි බවත්ය.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කළේ එල්ටීටීඊය නොවන බවත් කරුණා පිල්ලෙයාන් කණ්ඩායම බවත් පැවසූ කීර් ති රත්නායක සේර අම්මාන් රජයේ සාක්ෂිකාරයෙක් කර නිදහස් කළ බවද පැවසීය.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සම්පූර් ණයෙන්ම එල්ටීටීඊය පිට පැටවීමට සිදුකළ කුමන්ත්‍රණයක් බවත් ඔහු එම යූටියුබ් සාකච්ඡාවේදී අනාවරණය කළේය.

වසර 13කට පසු පසුගිය 01 වෙනිදා ඇප ලබා නිදහස් වූ කිරුබාකරන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් බදුල්ල මහ අධිකරණයේ නඩු පවරා නැවත රිමාන්ඩ් කර ඇතැයිද කීර් ති රත්නායක වැඩිදුරටත් කියා සිටියේය.