27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුට සැලකූ සැකකරුවන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

දේශබන්දුට සැලකූ සැකකරුවන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අතින් අල්ලා ගෙන පහරදුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනා ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.

අද පැවැත්වීමට නියමිතව තිබූ හදුනාගැනීමේ පෙරට්ටුව සඳහා ආවරණ සහිතව සැකකරුවන් තිදෙනා රැගෙනවිත් තිබුණද සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන්ට වෛරස් උණ රෝගය සෑදී ඇති බවට පොලිසිය සිදු කළ කරුණු දැක්වීමට අනුව අදට නියමිතව තිබූ පෙරෙට්ටුව අවලංගු කෙරිණි.

ඉදිරි දින සැකකරුවන් ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කර සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ සීසීටීවි දර් ශන මත විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.