30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalධම්මිකට මන්ත්‍රී ධූරය විකුණුවේ රුපියල් බිලියනයකට – මර් වින් සිල්වා

ධම්මිකට මන්ත්‍රී ධූරය විකුණුවේ රුපියල් බිලියනයකට – මර් වින් සිල්වා

ධම්මික පෙරේරාට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් රුපියල් බිලියනයක මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හිටපු අමාත්‍ය මර් වින් සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ යූටියුබ් නාළිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එය මන්ත්‍රීධුරය මුදලට විකිණීමක් බවත් බැසිල් රාජපක්ෂ යනු ඩීල් සම්බන්ධ ගත් කතුවරයෙකු බවත්ය.

තමා අදත් මහින්ද රාජපක්ෂට තමා ගරු කරන බවත් එතුමා රටට වඩා පවුල රැකීම සිදු කළ බවත් ඔහු එම සාකච්ඡාවේදී සඳහන් කළිය.

එමෙන්ම හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මරා දැමීමේ සිදුවීම පිටුපස සිටින්නේද බැසිල් රාජපක්ෂ බව මර් වින් සිල්වා අවධාරණය කළේය.