― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෙරටින් හමුවූ නිල් ගල් පොකුරට මොකද වුණේ?

මෙරටින් හමුවූ නිල් ගල් පොකුරට මොකද වුණේ?

ජාතික මැණික් හා ස්වර් ණාභරණ අධිකාරියේ සභාපතිවරයා මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධී ඇමරිකානු ඩොලර් ගනුදෙනුවලට සම්බන්ධ බව පාර් ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසීය.

ශ්‍රී ලංකාවෙන් සොයාගත් ලොව විශාලතම මැණික් ගල විකිණීමට විදේශ රටවලට යවා වසරක් ගතවී ඇතත් එයට සිදුවූයේ කුමක්දැයි අප තවමත් නොදන්නා බවත් මන්ත්‍රීවරයා පාර් ලිමේන්තුවේදී අවධාරණය කළේය.

තවත් මෙවැනි ගල් 04ක් විදේශ රටවලට යවා ඇති බවත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ දූෂණ වංචා වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවත් ඔහු පැවසීය.