― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමෙරට ජනගහනයෙන් 02%ක්වත් බදු ගෙවන්නේ නෑ

මෙරට ජනගහනයෙන් 02%ක්වත් බදු ගෙවන්නේ නෑ

රටේ ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයක්වත් සෘජු බදු නොගෙවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර් ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අද වෙනකොට මම බැලුවා දේශීය ආදායම් දෙපාර් තමේන්තුවේ කොච්චර බදු ලිපිගොනු තියෙනවාද කියලා. අද වෙනකොට ලියාපදිංචි වෙලා තියෙන බදු ලිපිගොනු ගාන 68,000යි. ආදායම් බදු ලිපිගොනු තියෙන්නේ පුද්ගලික 308,798යි, වැට් බදු ලිපිගොනු තියෙන්නේ 9,080යි. ඒ කියන්නේ ලංකාවේ පුද්ගලයින් විදියට බදු ආදායම් ගෙවන්නේ 376,798 දෙනෙක්. ඒ කියන්නේ සෘජු බදු ගෙවීමට ලියාපදිංචි වෙලා තියෙන්නේ මේ රටේ ජනගහණයෙන් ලක්ෂ 4යි. මිලියන 22ක් රටේ ඉන්නවා බදු ගෙවන්න ලියාපදිංචි වෙලා තියෙන්නේ ලක්ෂ 4යි. එතකොට ලෝකේ බදු ප්‍රතිපත්ති ගැන කතාකරනකොට තියෙනවා සියයට 10ක්වත් අවම වශයෙන් සෘජු බදු ගෙවන අය ඉන්න ඕනේ කියලා. අපේ රටේ සියයට දෙකක්වත් සෘජු බදු ගෙවන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මේ අයගෙන් බහුතරයක් බදු ගෙවන්නේ නෑ. හොඳටම බදු ගෙවනවා කියන කෙනත් කියන්නේ සියයට 75යි. දළ ජාතික නිෂ්පාදනයට අනුව අපේ බදු ප්‍රතිශතය ඉතාමත්ම අඩුයි. මේක වැඩිකරගන්න අපේ යම් ක්‍රමවේදයක් හදාගන්න ඕන. මේක ආරම්භ කරන්න ඕන කොතනින් හරි. ඒ නිසා තමයි අපි කියන්නේ බදු දැල පුළුල් කරලා, සෘජු බදු වැඩි කරලා, වක්‍ර බදු අඩුකරන ක්‍රමවේදයකට යන්න ඕන කියලා.”