31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම අද?

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම අද?

අද (08) දිනයේදී රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මෙම අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතය.

රජයේ ආරංචිමාර් ග සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් දිවුරුම්දීමට නියමිත බවයි.

මෙහිදී බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයකටද අද දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවනු ඇත.

එම අමාත්‍ය ධූර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

තවද රජයේ ආරංචිමාර් ග සඳහන් කළේ සර් ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු මේ වන විට පත්කර ඇති අමාත්‍යවරුන් 20 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වනු ඇති බවයි.