― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආර් ථික අර් බුදයෙන් ගොඩ එන්න නවසීලන්තයේ සහාය

ආර් ථික අර් බුදයෙන් ගොඩ එන්න නවසීලන්තයේ සහාය

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ රජයේ වත්මන් වැඩපිළිවෙලට නවසිලන්තය සිය පූර්ණ සහාය පළ කරයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට නවසීලන්ත මහා කොමසාරිස් Michal Appleton මහතා අතර පැවැති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කෙරිණ. සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේදී යි.

මෙහි දි නවසීලන්ත මහා කොමසාරිස්වරයා සදහන් කළේ ශ්‍රී ලංකාවේ හොද මිතුරෙකු ලෙස මෙරට ජනතාව මුහුණ දෙන ගැටලුවල දී ඔවුන්ට සහාය වීමට නවසීලන්තය හැමවිටම සුදානම් බවයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි නවසීලන්ත මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේ නවසීලන්ත සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට මැදිහත්වන ලෙසයි. ඊට එකගතාවය පළ කළ මහ කොමසාරිස්වරයා දැනටමත් ඒ සදහා සිය අවධානය යොමු කර ඇති බව කීවේය.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබද ව මහ කොමසාරිස්වරයාට මෙහි දී කරුණු පැහැදිලි කරමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමග මේ වනවිට රට තූළ දේශපාලන ස්ථාවරයක් ඇතිවෙමින් තිබෙන බවයි. රටේ ජනතාව මුහුණදෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ කාර්යය බවට පත්ව ඇතැයි පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පූර්ණ සහාය ජනාධිපතිවරයාට ලබාදෙන බව ද කීවේය. ජනාධිපතිවරයා හා සිය පක්ෂය ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව පෙන්වා දුන් ඇමතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා සාකච්ඡා ආරම්භ කළ බවත් සියලු පක්ෂ ඒකාබද්ධ කර ගනිමින් ජනතා ප්‍රශ්න විසදීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අපේක්ෂාව බවත් මහා කොමසාරිස්වරයාට පැහැදිලි කළේය.

මෙම සාකච්ඡාව සදහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී විය.