― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෝටි 2800ක විෂ සහිත මිරිස් මෙරටට

කෝටි 2800ක විෂ සහිත මිරිස් මෙරටට

2022 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මෙරට භාවිතය පවා තහනම් කර තිබෙන උග්‍ර විෂකාරක සහිත රසායනික වර් ග යෙදූ රුපියල් කෝටි 2800ක මිරිස් ආනයනය කර ඇතැයි කෘෂිකර් ම අමාත්‍යාංශය සඳහන් කරයි.

තවද කෘෂිකර් ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉදිරි වසර දෙක තුළ මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 80ක් මෙරට තුළම නිපදවීමට සැලසුම් කර ඇති බවයි.

කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් අනුරාධපුර යකල්ල, කැටකාල, තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කර ඇති මිරිස් වගාබිම් නිරීක්ෂණය කළ අවස්ථාවේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිස් වගා කර ඇති ගොවීන් පවසා ඇත්තේ රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 20ක් සැපයීම‍ට තමන් සූදානම් බවයි.

අක්කරයක මිරිස් වගා කර මාස හයක කාලයක් තුළදී රුපියල් ලක්ෂ 74ක ආදායමක් උපයාගත හැකි බවද ගොවීහු කියා සිටිති.

මෙරට තුළ ඉතාමත් සාර් ථකව මිරිස් වගා කිරීමට හැකියාව පැවතුනද රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 60 කට වඩා තවමත් ආනයනය කරන බව කෘෂිකර් ම්ස් ඇමතිවරයා කීවේය.