― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදමිතා බැලීමට සජිත් බන්ධනාගාරයට

දමිතා බැලීමට සජිත් බන්ධනාගාරයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රංගන ශිල්පිනි දමිතා අබේරත්නගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

පොදු ජන අරගලයට නායකත්වය දුන් දමිතා අබේරත්න වැනි පුද්ගලයින් වත්මන් රජය විසින් දඩයම් කිරීම දැඩි ලෙස හෙළා දකින බව බන්ධනාගාරයෙන් පිටත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය.

“ජනතාව දඩයම් කිරීමට බෑ. අද තරුණයින්ව දඩයම් කරනවා. අරගලයේ නායකයින්ව දඩයම් කරනවා. සිවිල් ප්‍රජාව දඩයම් කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුනොවිය යුතු දෙයක්. විශේෂයෙන්ම දමිතා අබේරත්න මැතිනියගේ ඉක්මන් නිදහස සාක්ෂාත් කරන්න කියලා ජනාධිපති ප්‍රමුඛ රජයට අපි බලකර සිටිනවා. අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා, මේ දඩයම නතර කරන්න. කරුණා කරලා මේ රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් උදුරාගන්නවා වෙනුවට රජයෙන් ඉල්ලීමක් කරනවා ඒවා ආරක්ෂා කරන්න කියලා. ඒ නිසා විශේෂයෙන් මේ අවස්ථාවේ දමිතා අබේරත්න මැතිනිය සමග අපි එකට හිටගන්නවා. ඇයගේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ නිදහස සාක්ෂාත් කිරීමට ජනාධිපති ප්‍රමුඛ රජයට වහා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරනවා.”