32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"ප්‍රචණ්ඩත්වයට එකම විසඳුම මර්දනයයි" - නාමල් රාජපක්ෂ

“ප්‍රචණ්ඩත්වයට එකම විසඳුම මර්දනයයි” – නාමල් රාජපක්ෂ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රචණ්ඩත්වයට එරෙහි නීතිය ක්‍රියාත්මක කළේ නම් අද තත්ත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බවත් අද පවතින ප්‍රචණ්ඩත්වයට එකම විසඳුම මර්දනය බවත් නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

කොහේ හරි ප්‍රචණ්ඩත්වය දැක්කොත් අපි ඒකට විරුද්ධ වෙනවා. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර් ග ගැනීමට හඬ නගනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවා එය කළ හැකිව තිබුණා. එහෙත් ඔහු එසේ කළේ නැහැ. ප්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන්ට සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය පතුරවන්නන්ට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ නීතිය ක්‍රියාත්මක කළේ නම් අද තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා නිසැකයි.

නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ කාරණය ඉටු කිරීම ගැන අපි සතුටු වෙනවා. අරගලය ගැන මට ප්‍රශ්නයක් නැහැ. එහෙත් ගැටලුව ඇත්තේ විරෝධතාකරුවන්ට සහ විරෝධතාවයට නායකත්වය දුන් සංවිධානවලටයි.