27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙර පාසල් ළමුන්ගේ දිවා ආහාරය සඳහා ලෝක බැංකුවේ අනුග්‍රහය

පෙර පාසල් ළමුන්ගේ දිවා ආහාරය සඳහා ලෝක බැංකුවේ අනුග්‍රහය

ලෝක බැංකුවේ අනුග්‍රහය යටතේ පෙර පාසල් දරුවන් සඳහා දවල් ආහාර ලබාදීමේ මෙහෙයුම මේ මස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා සංවර්ධන ලේකම් කාර් යාලය පවසයි.

මන්දපෝෂණයෙන් පෙළෙන කඳුකර දරුවන් 35,000කට සහ බාලවයස්කාර දරුවන් 1.55,000කට මෙම දහවල් ආහාරය ලබාදීමට නියමිත බව එහි අධ්‍යක්ෂ නයනා එස්.බී.කේ.ටී සිල්වා මහත්මිය පැවසුවාය.

මේ වන විට මන්දපෝෂණයෙන් පෙළෙන පෙර පාසල් දරුවන් 90,000 කට උදේ ආහාරය සහ ඒවා බෙදාහරින්නන්ට ආහාර වේලක් සඳහා රුපියල් 30 ක් ගෙවනු ලැබේ.

එහෙත් එම මුදල ප්‍රමාණවත් නොවන බැවින් එය රුපියල් 60 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ලෝක බැංකු ආධාර යටතේ එම මුදල් ලබාදීමට නියමිතය.