27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරට ටයිටැනික් නැව වගේ ගිලෙනවා - සජිත් ප්‍රේමදාස

රට ටයිටැනික් නැව වගේ ගිලෙනවා – සජිත් ප්‍රේමදාස

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වූයේ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයෙන් බව සත්‍යයක් වුවත් හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා ගෙදර යැව්වේ මේ රටේ පොදු ජනතාවගේ අරගලය නිසා බව රනිල්ට අමතක වූ බව සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා දෙහිවල පැවති රැස්වීමකක් අමතමිනි.

වත්මන් ආණ්ඩුව මුළු රටම මරණ මංචකයට ගෙන යමින් සිටින බවත් ටයිටැනික් නෞකාව මෙන් රට ගිලෙද්දී ආණ්ඩුව කරන්නේ ස්වයං වින්දනයේ නැටුමක් බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

දූෂිත රජය විසින් දේශපාලන මැදිහත්වීම් මත මැයි 9 වැනිදා සිට 3500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන 1200කට අධික පිරිසක් රඳවා තබාගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.