26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින් ගැන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට

රාජ්‍ය සේවකයින් ගැන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට

වයස අවුරුදු 65ක්ව පැවති රාජ්‍ය සේවයකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස පසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය තුළින් අවුරුදු 60 දක්වා අඩු කරනු ලැබූ අතර මීට අදාළ සංශෝධන ඇතුළත් කැබිනට් පත්‍රිකාව පසුගිය සිකුරාදා දිනයේ දී අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යොමුකර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේය.

එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව අද (12) දිනයේ හෝ එළඹෙන අමාත්‍ය මණ්ඩලයේ දී එය සාකච්ඡාවට ගනු ඇති බවයි.

මීට අදාළ චක්‍රලේඛය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉදිරි සති දෙක තුළදී නිකුත් කෙරෙනු ඇත.

මෙලෙස විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව අවම කිරීම හරහා මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට රාජ්‍ය සේවකයින් 20,000ක් පමණ විශ්‍රාම ගැන්වීමට නියමිතය.