31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංවිම සේවකයින්ට වසර 02ක් තුළ මිලියන 3256ක දීමනා ගෙවලා

ලංවිම සේවකයින්ට වසර 02ක් තුළ මිලියන 3256ක දීමනා ගෙවලා

ලංකා විදුලිබල මණ්ඩලය විසින් කාර් ය මණ්ඩල දීමනා වශයෙන් 2019, 2020 කාලය තුළ රුපියල් මිලියන 3256.4ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර් යාලය පවසයි.

කළමණාකරණ සේවා චක්‍රලේඛයේ විධි විධානවලට පටහැනිව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත එම ගෙවීම් කර ඇති බව විගණන නියැදි පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

විගණන වාර් තාවට අනුව 2020 වර් ෂයේදී කාර් ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් මිලියන 1,544.4ක මුදලක් සහ 2019 වර් ෂයේදී රුපියල් මිලියන 1712ක මුදලක් ගෙවා ඇති බව එම විගණනයෙන් හෙළිදරව් කොට ඇත.

විදුලිබල මණ්ඩලය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවකදීත් කිසිදු පාලනයකින් තොරව කාර් ය මණ්ඩල ණය ගෙවා ඇති බවත් ආයතනයේ අභිවෘද්ධිය තකා ක්‍රියාකිරීම සදහා සේවකයින්ගේ චිත්ත ධෛර්ය ඉහළ නැංවීම සදහා මණ්ඩලය විසින් එහි සේවකයින්ට මෙම ප්‍රතිලාභ ලබාදී ඇති බව විදුලිබල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර තිබේ.