― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsස්කෑන් පරීක්ෂණයට ගිය දැරිය රෝහලේ වෛද්‍යවරයෙක් අපයෝජනය කරලා

ස්කෑන් පරීක්ෂණයට ගිය දැරිය රෝහලේ වෛද්‍යවරයෙක් අපයෝජනය කරලා

කරාපිටිය මූලික රෝහලේ විකිරන අංශය තුලදී 15 හැවිරිදි දැරියක් වෛද්‍යවරයකු විසින් අපයෝජනයට ලක් කර ඇති බවට ලැබුනු පැමිණිල්ලක් පිලිබඳ විමර්ශනයක් ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යාන්ශය විසින් ආරම්භ කොට ඇත.

මෙම දැරිය පසුගිය (08)වෙනිදා ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහලේ විකිරණ අංශය වෙත ගොස් ඇති අතර පරීක්ෂණය සිදුවන අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා විසින් මෙම දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇතිබව පොලීසිය පවසයි.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා පවසන්නේ දැරියගෙන් සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගෙන සිද්ධිය සම්බන්ධ සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතාගෙන් කල විමසුමකදී පැවසුවේ තමන්ටද මෙවැනි සිද්ධියක් පිලිබඳ වාර්ථා වු බවත් පොලීසියට අමතරව ආයතන මට්ටමින්ද මේ පිලිබඳව පරික්ෂණයක් සිදුකරණ බවත්‍ ය.දැරිය ස්කෑන් පරික්ෂණයට ලක්කරණ අවස්ථාවේ දී එහි රෝහල් උපස්ථායිකාවක් ද සිට ඇති බවත් එවැනි සිද්ධියක් සිදුවී නොමැති බවට එම උපස්ථායිකාව සඳහන්කොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. කෙසේවුවද මේ පිළිබද ආයතන මට්ටමින් විමර්ශනයක් ආරම්භකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.