අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් අද (13) ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්රමසිංහ අග්රාමාත්යවරයාව සිටියදී සිදුකරන ලද ආරාධනයකට අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) දිවයිනට පැමිණියේය.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවෙනු ඇති.