― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"අපේ එකමුතුකම හැමෝම දකින්න ඇති.. මේ ජයග්‍රහණය මුළු ලංකාවටමයි"

“අපේ එකමුතුකම හැමෝම දකින්න ඇති.. මේ ජයග්‍රහණය මුළු ලංකාවටමයි”

ආසියනු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද (13) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අතර එහිදී මාධ්‍යට අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පැවසුවේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු සහයෝගයට හදවතින්ම ස්තූති කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පවසා සිටියේ,

අපේ එකමුතුකම හැමෝම දකින්න ඇති අපි ක්‍රීඩා කළේ හැමෝම එක්කෙනෙක් වගේ එකට බැහැලා. මම කියනවාට වඩා ලේසියි දැකපු අය ඒක දන්නවා. අපි ඇත්තටම ස්තූති කරන්න ඕනේ ක්‍රීඩකයින් වශයෙන් ලොකු හයියක් ප්‍රේක්ෂකයින් අපිත් එක්ක ඉන්න එක. සමහර වසර ගාණක් තිබුණා අපි ජයග්‍රහණයට ළං වුණෙත් නැති. ඒ ගොල්ලෝ අපිව බැක් කරලා දුන්න සපෝට් එකට හදවතින්ම ස්තූති කරනවා. මේ ජයග්‍රහණය මුළු ලංකාවටම. අපි ගැන සමහරවිට රටක් විදියට මිනිස්සු බලන විදිය වෙනස්. මම හිතනවා මේ වෙලාවේ අපි කරපු දෙයින් යම් හිනාවක් ගේන්න ලැබුණා නම් ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්.