28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමරවීරගේ රියේ ගැටී මුවෙක් ජීවිතක්ෂයට

අමරවීරගේ රියේ ගැටී මුවෙක් ජීවිතක්ෂයට

කෘෂිකර් ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඔහුගේ රථයේ ගැටී මුවෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

වනෝද්‍යානය තුළදී අධික වේගයෙන් වාහනය පැදවීම නිසා රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව රථය මෙම මුවාගේ ගැටීමෙන් වාහනයේ ඉදිරිපස වීදුරුවටද දැඩි අලාභහානි සිදුවී ඇති බවයි වාර් තා වන්නේ.

සවස 6 න් පසු වනෝද්‍යානයට ඇතුළුවීම තහනම් වන අතර රාත්‍රී 8ට පමණ මෙම අනතුර සිදුව ඇත.