25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතව කැබ්නට් ඇමතිවරු 10ක් පත් කරන්න පුළුවන් - ප්‍රසන්න රණතුංග

තව කැබ්නට් ඇමතිවරු 10ක් පත් කරන්න පුළුවන් – ප්‍රසන්න රණතුංග

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් අසා සිටියේ කැබිනට් අමාත්‍යධුර කිහිපයක් පත් කරනවා කියලා ආරංචියක් තිබෙනවා එය ඇත්තක්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේසේද කීය.

මම හිතන්නේ ඒක පත්කරන්න ඕනේ. මොකද තව කැබිනට් ඇමතිවරු 10ක් පත් කරන්න පුලුවන්. එතකොට තමා 30ක් වෙන්නේ. ඒක ඉක්මනින්ම පත් කරලා මේ එක අමාත්‍යවරයෙකුට ආයතන ගොඩාක් පවරා තියෙන එක, ඒගොල්ලන්ට බෙදුවොත් පහසුවෙනවා. ඒ නිසා කාටත් චෝදනා කරන්න බෑ වියදම් වැඩි වෙනවා කියලා. එහෙනම් ඉතින් පාර්ලිමේන්තු වැටුපුත් හැමෝම ගන්නේ නැතුව කටයුතු කරන්න ඕනේ. එහෙම කරන්න බෑ. රාජ්‍ය අංශයේ නිලධාරීන් මීට වඩා වැටුප් දීමනා ගන්නවා. මේ අපි ගන්නවා වගේ දහ පහළොස් ගුණයක් දේවල් ගන්නවා. එහෙනම් ඉතින් ඒවත් නවතින්න ඕනේ. ඒක මේ සටන් පාඨයක් විතරයි විපක්ෂයට අවශ්‍ය කරන.”