28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්හිටුවන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්හිටුවන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

ජාත්‍යන්තර මානව හිමිකම් නීති සහ රෙගුලාසිවලට සම්පූර් ණයෙන්ම අනුකූල වන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්හිටුවන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (12) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් යුරෝපා සංගම් නියෝජිතයින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය බලය යෙදවීම හෙළා දැක තිබේ.

වගවීම සහ දණ්ඩමුක්තිය සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද නියෝජිත පිරිස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියහ.

ඒ සමගම යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර් තාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස් කාර් යාලයට සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඉදිරියටත් කැපවන බවත් අවදානමට ලක්විය හැකි සහ ආන්තික තත්ත්වයන් තුළ සිටින සියලුම පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල ආර් ථික, සමාජීය සහ සංස්කෘතික අයිතීන් ඵලදායී හා සාධාරණ ලෙස ඉටු කිරීමේ අවශ්‍යතාවයද යුරෝපා සංගමය එහිදී පෙන්වා දුන්නේය.