25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිරමීඩ ක්‍රමයෙන් කෝටි 800ක් වංචා කළ 05ක් කොටුවෙයි

පිරමීඩ ක්‍රමයෙන් කෝටි 800ක් වංචා කළ 05ක් කොටුවෙයි

පිරමීඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන පෞද්ගලික ආයතනයක ප්‍රධානින් 05කට විදේශ ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඊයේ (12) නියෝගයක් නිකුත් කර තිබේ.

මහරගම, කුරුණෑගල, පොල්පිතිගම, ගිරිබාව සහ නිකවැරටිය යන ප්‍රදේශවල පදිංචි එම ආයතනයේ ප්‍රධානීන් පස් දෙනෙකුට මෙලෙස විදෙස් ගමන් තහනම් කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වංචාවට හසු වූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව අධිකරණයේදී අනාවරණය විය.

ඒ අනුව දෙසැම්බර් 09 වැනිදා ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස ඊයේ (12) සිතාසිද නිකුත් කළේය.