27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාර රැඳවියන් 417කට විශේෂ සමාවක්

බන්ධනාගාර රැඳවියන් 417කට විශේෂ සමාවක්

අද දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී තිබේ.

සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස විශේෂ සමාවක් හිමී වී ඇත්තේ දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකට වන අතර එම 417 දෙනා අතරට කාන්තාවන් සිව්දෙනෙකුද අයත්ය.