29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලවත්ත මුහුදේ කිඹුලන් 40ක්?

වැල්ලවත්ත මුහුදේ කිඹුලන් 40ක්?

වැල්ලවත්ත මුහුදේ කිඹුලන් 40ක් පමණ සැරිසරමින් සිටියදී සොයාගෙන තිබේ.

කින්රෝස් ජීවිතාරක්ෂක සමාගමේ සේවකයෙකු වැල්ලවත්ත මුහුදේ දියනෑමට ගිය අවස්ථාවේදී කිඹුල් පැටවෙකු අල්ලාගෙන ඇති අතර අල්ලා ගත් කිඹුලා පැටවා ඔහු වනජීවී බලධාරීන්ට භාර දී ඇත.

ඉන් අනතුරුව සිදුකළ සෝදිසි කිරීම්වලදී සැවෝයි සිනමාහල ආසන්නයේ ඇළ මාර්ගයේ විශාල කිඹුලන් හතර දෙනෙකු දැක තිබේ. වැල්ලවත්ත ප්‍රදේශයෙන් කිඹුලන් 40 දෙනෙකු සොයා ගෙන තිබේ.

මෙම කිඹුල් තර් ජනය සම්බන්ධයෙන් කිංරෝස් ජීවිතාරක්ෂක සමාගම වනජීවී බලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බව වාර් තා වේ.

මේ හේතුවෙන් මුහුදේ දිය නෑමද අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබේ. පසුගිය වසරේ දෙහිවල ධීවරයෙකුට කිඹුලෙකුගේ ප්‍රහාරයක් එල්ල වීම විශේෂත්වයක්.

මේ තත්ත්වය මත මුහුදේ දිය නෑමට යන ජනතාවගෙන් විමසිලිමත් වන ලෙස දන්වා ඇත.