28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොටුව පාවෙන වෙළෙඳ සංකීර් ණය අරගල භූමියක් කරනවා

කොටුව පාවෙන වෙළෙඳ සංකීර් ණය අරගල භූමියක් කරනවා

කොටුව පාවෙන වෙළෙඳ සංකීර් ණ භූමියේ තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ එකතුවෙන් නව අරගල භූමියක් ඉදිකරන බව ජනාධිපති කාර් ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

හෙතෙම මෙම අඩහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ තරුණ කණ්ඩායමක් පසුගියදා කොළඹදී හමුවූ අවස්ථාවේදීය.

මෙම ස්ථානය තරුණ තරුණියන්ට තම දක්ෂතාවලට ආර් ථිකමය වටිනාකමක් ලබාගත හැකි ස්ථානයක් වන අතර ඊට අදාළ සේවා පහසුකම් රජයෙන් ලබා දීමට කටයුතු කරන බවත් එඋ මහතා එහිදී අවධාරණය කළේය.

කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමුවී නිදහසේ අදහස් හුවමාරු කර ගැනීම් හා සාකච්ඡා දැක්විය හැකි ස්ථානයක් තරුණ තරුණියන් වෙනුවෙන් සැකසෙනු ඇති බවත් චිත්‍ර ප්‍රදර්ශන, සංගීත උත්සව පැවැත්විය හැකි ස්ථාන මෙන්ම ආපනශාලා ද මෙහි ඉදිකෙරෙන බවත් සාගල රත්නායක පැවසීය.