― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපති රනිල්ට ලෝකෙම බයයි - වජිර අබේවර් ධන

ජනපති රනිල්ට ලෝකෙම බයයි – වජිර අබේවර් ධන

වාසනාවකට ලෝකය සමග සටන් කළ හැකි නායකයෙකු ජනාධිපති ධූරයට පත්ව ඇති බවත් එතුමා දුටුවම ලෝකයේ රටවල් බිය වන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර් ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඉන්දියාවේ අය ඉන්දියානුවන් හැටියටත්, අමෙරිකාවේ අය අමෙරිකානුවන් හැටියටත්, චීනයේ අය චීන ජාතිකයන් හැටියටත්, සෝවියට් දේශයේ අය සෝවියට් වැසියන් හැටියටත් සිට ගන්නවා. එහෙනම් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විශේෂයෙන්ම දේශපාලන කණ්ඩායම්වලට බලපෑම් කළ යුතුයි. ඒ අයට අවශ්‍ය විධියට හැසිරීමට ඉඩ නොදිය යුතුයි. ශ්‍රී ලංකාවේ මහ ජනතාව දිගින් දිගටම ප්‍රකාශ කරන්න ඕන දේශපාලන පක්ෂ නායකයින්ට එකමුතු වෙලා ජාතික වැඩසටහනකට එකඟ වෙන්න කියලා.

ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වයක් දැන් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා දුටුවම ලෝකයේ රටවල් බය ඇති. එතුමා දුටුවම ලෝකයේ රටවල් එතුමා ගැන සැක හිතනවා ඇති. හැබැයි ඒ සැක හිතන්නෙත්, බය තිබෙන්නෙත් දන්නවා එතුමාට රටක් හසුරුවලා ඒ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් කියලා.

ජාත්‍යන්තරය සෑම විට ම උත්සාහ කරයි අපේ රට දුර්වල තැනක තබන්නට. රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න. එවැනි අයගෙන් මහජනයා පරිස්සම් විය යුතුයි. මහජනයා ඒ අයට කියන්න ඕන, සියලු දෙනා ම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා. එහෙම කළොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළ පරිදි 2048 වෙනකොට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තැනක ඔසවලා තබන්න පුළුවන් වේවි.