ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය හදිසි ආධාර ප්‍රතිපාදන ඉහළ නැංවීමට අවධානය යොමු කර තිබේ.
ලොව පුරා රටවල් රැසක් මුහුණදී ඇති ආහාර අර් බුදය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඒ අනුව මූලික වශයෙන් රටවල් 20 – 30 ත් අතර සංඛ්‍යාවකට දැනට සැපයෙන හදිසි ආධාර ඉහළ නංවනු ලබන අතර හදිසි ප්‍රතිපාදන ඉහළ නැංවීමේ යෝජනාව මේ විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විධායක කමිටුව වෙත යොමුකර ඇත.