29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදරුවන් අතරේ පැතිරෙන ලෙඩක් ගැන අනතුරු ඇඟවීමක්

දරුවන් අතරේ පැතිරෙන ලෙඩක් ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් රෝගයට අමතරව මේ දිනවල පාසල් දරුවන් අතරේ වෛරස් උණ රෝගයක් පැතිරෙමින් තිබෙන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

මෙම තත්ත්වය තුළ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තවදුරටත් අඛණ්ඩවම පවත්වාගෙන යා යුතු බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා මෙසේද කියා සිටියේය.

දැන් බොහෝ දෙනෙකුට කොවිඩ් අමතක වෙලා. තාමත් දවසකට කොවිඩ් රෝගීන් සියයකට ආසන්න පිරිසක් වාර්තා වෙනවා. ඒ වගේම දවසකට කොවිඩ් මරණ 5 ක් 6 ක් වාර්තා වෙනවා. ඒ ගැන වැඩි අවධානයක් යොමුකරන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.

පාසල් දරුවන් අතරේ වෛරස් උණ රෝගයද දැන් පැතිරෙමින් තිබෙනවා. තම දරුවා වෛරස් උණ රෝගයෙන් පෙළෙනවා නම් පාසල් යවන්න එපා කියලා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.