25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන් තිදෙනෙක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

දරුවන් තිදෙනෙක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

කල්මුණේ විහාරස්ථානයක් තුළදී කුඩා දරුවන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ හිමි නමක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ අනුව එම හිමිනම සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (14) නියෝග කළේය.

දෙමවුපියන් විසින් කල්මුණේ විහාරස්ථානය භාරදුන් දරුවන් තිදෙනා හදිසියේ රෝගාතුර වීම නිසා පසුගිය මාසයේදී ඔවුන් විසින් මෙම දරුවන් රෝහල්ගත කර තිබේ. එහිදී සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ දරුවන් තිදෙනා ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවයි.

ඉන්පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම දරුවන් පවසා ඇත්තේ අදාළ භික්‍ෂූව විසින් අවස්ථා කිහිපයකදීම තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.