― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනාමල්ට එරෙහි නඩුවක් කල් යයි

නාමල්ට එරෙහි නඩුවක් කල් යයි

රුපියල් මිලියන 30ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධිචෝදනා 11 යටතේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 08 වැනිදා දක්වා කල් තබා තිබේ.

එම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී ඇත.

නාමල් රාජපක්ෂට අයත් ගවර් ස් කෝපරේට් සර් විසස් සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම සහ නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන්ට අවශ්‍යතාවයක් වුවහොත් විදේශ ගතවීමටද අද අවසර හිමිවිය.

එහිදි විනිසුරුවරයා නියෝග කළේ විදෙස්ගත වන දිනය සහ නැවත පැමිණෙන දිනය මෝසමක් මගින් අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි.