26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ඇති ෆයිසර් එන්නත් තොගය සති 06කින් කල්ඉකුත් වෙයි

මෙරට ඇති ෆයිසර් එන්නත් තොගය සති 06කින් කල්ඉකුත් වෙයි

මෙරට පවතින ෆයිසර් කොරෝනා මර් දන එන්නත් භාවිතයට ගත හැක්කේ තවත් සති 6ක කාලයක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එබැවින් සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ජනතාව කඩිනමින් ලබා ගැනීමට පියවර ගත යුතු බව කොවිඩ් රෝග පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේය.

මෙරට ජනගහනයෙන් සිව්වැනි කොරෝනා මර් දන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත්තේ 15% ක් පමණක් බවත් මේ වනවිට කොරෝනා මර් දන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක් මෙරට ගබඩාවල පවතින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.