27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරෑට මුදල් වියදම් කිරීමට හැකි ස්ථානයක් සෑදිය යුතුයි

රෑට මුදල් වියදම් කිරීමට හැකි ස්ථානයක් සෑදිය යුතුයි

රාත්‍රී දහයෙන් පසු කොළඹ නගරය සොහොනක් වගේ බවත් එම නිසා සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට කිසිම ස්ථානයක් නොමැති බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ එම වේලාවෙන් පසු කොළඹ නගරය තුළ වියදම් කරන්න කිසි තැනක් නොමැති බැවින් සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට හැකියාවක් නැති බවයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට මුදල් වියදම් කිරීම සඳහා විනෝදාස්වාද සංවිධාන ස්ථානයන් සංවිධානය කළ යුතු බව සඳහන් කළ ඩයනා ගමගේ අවධාරණය කළේ නිතරම සංචාරකයන්ගේ මුදල් වියදම් කළ හැකි ආකාරයට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.