27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාව වෙනුවෙන් දිගටම හඬ නගනවා - ඇමරිකානු තානාපතිනි

ලංකාව වෙනුවෙන් දිගටම හඬ නගනවා – ඇමරිකානු තානාපතිනි

ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතාවාසිකම්, නීතිය, යහපාලනය සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

තානාපතිවරිය මේ පවසා ඇත්තේ ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජූලි චන්ග් මහත්මිය පවසා ඇත්තේ අමෙරිකානු රජය ශ්‍රී ලංකාව අනෙකුත් මුස්ලිම් රටවල් සමග පවත්වන සබඳතාව අගයන බවයි. ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව රට සාමකාමී, එකමුතු සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇති බවට තානාපතිනිය එහිදී පැවසුවාය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ඇතුළු නිතීඥ ප්‍රජාව සත්‍ය ප්‍රකාශ කිරීමටත්, නිතීයේ ආධිපත්‍ය සුරැකීමටත් දරණ වෑයමද ඇය එහිදී අගය කිරීමට අමතක නොකළේය.