28.2 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයින්ට කටාර් එයාර් වේස් සමූහයේ රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලාංකිකයින්ට කටාර් එයාර් වේස් සමූහයේ රැකියා අවස්ථා රැසක්

කටාර් එයාර් වේස් සමූහය ඉදිරි මාස කිහිපය තුළ සිය ගෝලීය මෙහෙයුම් සඳහා සහාය වීමට සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවෙන් සැලකිය යුතු නව සේවකයින් පිරිසක් බඳවා ගැනීමට අපේක්ෂා කර ඇති බවට තොරතුරු වාර් තා වනවා.

හෙට (15) සිට ශ්‍රී ලාංකිකයන්ගෙන් විවිධ භූමිකාවන් සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරනු ඇති.

කටාර් එයාවේස්, කටාර් ඩියුටි ෆ්‍රී, කටාර් ගුවන් සේවා, කටාර් එයාවේස් කේටරින් සමාගම, කටාර් බෙදාහැරීමේ සමාගමේ සිට ඩියාෆතිනා හෝටල් දක්වා විවිධ අංශ සඳහා මෙලෙස කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

සූපශාස්ත්‍ර, ආයතනික සහ වාණිජ, කළමනාකරණය, භාණ්ඩ ප්‍රවාහනය, පාරිභෝගික සේවා, ඉංජිනේරු, ගුවන් මෙහෙයුම්, භූමි සේවා, ආරක්ෂාව වැනි විවිධ භූමිකාවන් සඳහා සැලකිය යුතු කාර් ය මණ්ඩලයක් බඳවා ගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.