24.5 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලුත් ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩුකරන කතා බොරු - ඩිලාන් පෙරේරා

අලුත් ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩුකරන කතා බොරු – ඩිලාන් පෙරේරා

නව අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද අඩු කර ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර් ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිතුමාට බැනලා වැඩක් නැහැ. එතුමා ජනතා ඡන්දයෙන් පත් වුණා නම් ජනතාවගේ ප්‍රශ්න දන්නවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ පාර් ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඡන්දය ලබාගෙනයි. ඉතින් ජනාධිපතිතුමාට ඕන මේ 134 දෙනාගේ අවශ්‍යතා ඉටු කරන්න.

ඇමැතිවරු කියන්නේ තමන්ට ලැබෙන්නේ ඇමැති වැටුප් නොව පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් පමණක් බවයි. නමුත් මේ දෙකේ වෙනස රුපියල් 9000ක් පමණයි. අනෙකුත් සියලුම ප්‍රතිලාභ ඔවුන්ට හිමිවෙනවා.