29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවතම ශ්‍රේණිගතකිරීම්වලින් වනිඳු 06 වැනි තැනට

නවතම ශ්‍රේණිගතකිරීම්වලින් වනිඳු 06 වැනි තැනට

20-20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එම ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයට පැමිණීමට සමත් වී ඇත.

නව වන ස්ථානයේ පසුවූ ඔහු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රදර්ශනය කරන ලද දක්ෂතා මත අංක 9 සිට අංක 6 දක්වා පැමිණ ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම්වලදී මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් අතර අටවන ස්ථානයේත් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පිතිකරුවන් අතර අංක 8 ලෙසත් ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටිති.