27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනෙළුම් කුළුණ අද සිට ජනතාවට විවෘත වෙයි

නෙළුම් කුළුණ අද සිට ජනතාවට විවෘත වෙයි

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද (15) සිට ජනතාවට විවෘත කෙරේ.

නෙළුම් කුළුණ විවෘත කිරීමේ පළමු අදියර ලෙස එම අවස්ථාව ජනතාවට ලැබෙන අතර දෙවන අදියර ඉදිරි මාස දෙක තුළත්, තුන්වන අදියර ලබන වසරේ මාර් තු මාසය වනවිටත් විවෘත කිරීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සැලසුම් කර තිබේ.

නෙළුම් කුළුණේ පාදම කොටස මහල් තුනකින් සමන්විත අතර එම කොටසේ ඩිජිටල් සිනමා ශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක්, බැංකු හා ව්‍යාපාර ආයතන සදහා කාර් යාල පහසුකම් සපයා තිබේ.

තුන්වන මහලේ පිහිටි එළිමහන් පරිශ්‍රය විවිධ අංග සඳහා වෙන් කර ඇති අතර කුළුණේ පොහොට්ටුව සහිත කොටස මහල් 7කින් සමන්විතය. එහි පළමු හා දෙවැනි මහල් වෙන්කර තිබෙන්නේ ගුවන් විදුලි කටයුතු හා රූපවාහිනි කටයුතු සඳහාය.

තුන්වන හා හතරවන මහල් උත්සව ශාලා දෙකකින් සමන්විත අතර කැරකෙන අවන්හල පස්වන මහළේ පිහිටා ඇත. 6 වන මහලේ සුඛෝපභෝගී කාමර 6 ක් ඉදිකර ඇති අතර හත්වන මහල නැරඹුම් පරිශ්‍රය සඳහා වෙන්කර තිබේ.