29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසල් දරුවන්ට නව අධ්‍යාපන ක්‍රමයක්

පාසල් දරුවන්ට නව අධ්‍යාපන ක්‍රමයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන්ට නව මොඩියුල ක්‍රමයක් ‍යටතේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබේ.

ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති වෙනමම මධ්‍යස්ථානයක් හරහා මෙම ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.

පරිපාලන ප්‍රතිසංස්කරණ ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක වන අතර ඒ යටතේ දැනට පවතින කලාප අධ්‍යාපන කාර්යාල අනූ හය එකසිය විස්සක් දක්වා වැඩි කෙරේ. ඒ අනුව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලින් සිසුන්ට පෙළපොත් වෙනුවට ලබා දෙන්නේ එක් එක් පාඩමට අදාළව සකස් කෙරෙන මෙම මොඩියුලයන් ය. මේ වන විටත් ශ්‍රේණි තුනකට අදාළ මොඩියුලයන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර අවසන් කර ඇත.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙතෙක් ක්‍රියාත්මක කරන ලද්දේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයෙනි. එම අමාත්‍යාංශය අහෝසිකිරීම හේතුවෙන් ඒ වෙනුවට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.